Sunday, May 5, 2024

General line - 0115112241

යාපනයට අයිස් වැස්සක්

දිනසේන රතුගමගේ




පැවැති නියං සහිත කාලගුණය නිම කරමින් යාපනයට අද අධික වර්ෂාපතනයත් සමග අයිස් වැස්සක් ඇද හැලූණා. යාපනය නීර්වේලි ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට මෙලෙස අයිස් වැස්සක් පතිත වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නීර්වේලි ඇතුළු මෙම ප‍්‍රදේශවලට වර්ෂාවක් පතිත වී ඇත්තේ දින 52කට පසුවීම ද විශේෂත්වයක්. එහෙත්, එම ප‍්‍රදේශවලට කිසිදා අයිස් වැස්සක් පතිත වී නොමැති බවයි ප‍්‍රදේශවාසීන් පැවසුවේ. 

මේ අතර ඉදිරි දිනවල කෙටි කාලීන තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ප‍්‍රකාශ කළා. ප‍්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙසටයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.