Monday, May 6, 2024

General line - 0115112241

පිටුවහල් කළ පිරිස සමග මදූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් (UPDATE)




මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හීදි අත්අඩංගුවට පත්ව පසුව පිටුවහල් කෙරුණු තවත් 06 දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ප්‍රබල අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මදූෂ් නැමැත්තාගේ ඥාති සහෝදරයෙකුද මෙම පිරිස අතර වන බවයි වාර්තා වුණේ. 

එහිදී එම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. 

ඩුබායි සිට පිටුවහල් කළ පුද්ගලයින් 06 දෙනාගේ නම් පහතින් දැක්වෙයි.

මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්.
මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා.
මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර්.
සුරේෂ් වසන්ත රණසිංහ.
රූපදාස සයිමන් හේවගේ.
නිලාන් රොමේෂ් සමරසිංහ. (මාකඳුරේ මදූෂ් නැමැති අයගේ ඥාති සහෝදරයෙක්)

 

--------------------

පිටුවහල් කළ තවත් 06ක් අද අලුයම කටුනායකට එයි

(17-04-2019 05:55)

 

මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හීදි අත්අඩංගුවට පත්ව පසුව පිටුවහල් කෙරුණු තවත් 06 දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී එම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.