Sunday, May 5, 2024

General line - 0115112241

කොල්ලුපිටියේදී අයිස් සමග නීතිඥයෙක් කොටු




අයිස් නැමැති විෂ මත්ද්‍රව්‍ය සමග අද (17) අලුයම සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අද අලුයම් කාලයේ කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වුණා.

සැකකරුවන් වන්නේ මත්පෙති 04ක් සන්තකයේ තබාගෙන සිටි අබ්දුල් හමීද් පස්ලින් නැමැති වයස අවුරුදු 33ක් වන අංක 20/10, සම්මපුර, පුත්තලමේ පදිංචි අයෙක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 110ක් සන්තකයේ තබාගෙන සිටි නීතිඥවරයෙකු වන ප්‍රධාන වීදිය, පුත්තලමේ පදිංචි මොහොමඩ් ඉක්බාල් ක්‍රිෂ්නෙයි සහ අයිස් මිලිග්‍රෑම් 430ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 38ක් වූ අබ්දුල් කරීම් මොහොමද් අස්නි නම් අංක 84/36 සම්මපුර, පුත්තලම පදිංචිකරුවෙකි.