Sunday, May 5, 2024

General line - 0115112241

මාදින්නාගොඩ ජල පෝෂකවල මතුවී ඇති කලූ පැහැති තෙල් තට්ටුව ගැන වහාම සොයා බැලේ

හේමන්ත කහවලගේ/සජිත් තිලකරත්න




රාජගිරිය මාදින්නාගොඩ ප‍්‍රදේශයේ ජල පෝෂකවල මතුවී ඇති කලූ පැහැති තෙල් තට්ටුව පිළිබඳ වහාම සොයා බලන බව ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආචාර්ය එන්. එස්. විජේරත්න පැවසුවේ මේ පිළිබඳ සොයා බැලීමට කණ්ඩායමක් අද (17) දිනයේම මාදින්නාගොඩ ප‍්‍රදේශයට පිටත් කර හරින බවයි. 

රාජගිරිය මාදින්නාගොඩ ප‍්‍රදේශයේ ජල පෝෂකවල මතුවී ඇති මෙම කලූ පැහැති තෙල් තට්ටුව පිළිබඳ නෙත් නිවුස් ඉකුත් 13වැනිදා පළමුවරට අනාවරණ කළා. ප‍්‍රදේශවාසීන් එහිදී පැවසුවේ තෙල් පිරිපහදුවකින් නිකුත් වන අපද්‍රව්‍යයක් නිසා මෙම තත්ත්වය ඇතිවී ඇතැයි සැක කරන බවයි.

මෙම අනාවරණයෙන් පසු නෙත් නිවුස් මතුව ඇති තත්ත්වය පිළිබඳ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට විධිමත් දැනුම් දීමක් ද කළා. ඔවුන්ගේ සොයා බැලීම් ආරම්භ වූයේ ද ඒ අනුවයි.