Monday, May 6, 2024

General line - 0115112241

හෙරෝයින් කිලෝ ග‍්‍රෑම් 5 ක් සමග පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

ඩිල්ෂාන් මඩවල




හෙරෝයින් කිලෝ ග‍්‍රෑම් 5ක් සමග පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලිස් වසමේ මාකොළ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව හෙරෝයින් තොගය යතුරු පැදියකින් ප‍්‍රවාහනය කරමින් සිටියදීයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මෙම පුද්ගලයා 28 වන වියේ පසුවන්නෙකු බවද කැළණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද විමර්ශන වලින් හෙලිව තිබෙනවා.

තවද ඔහු මේ වන විට බන්ධනාගාර ගතව සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙකු බවයි විමර්ශන වලින් වැඩි දුරටත් හෙලිව ඇත්තේ.