Monday, May 6, 2024

General line - 0115112241

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවූ බක් පුර පොහොය අදයි

සජිත් තිලකරත්න




බක් පුර පසලොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන ද බක් පුර පසලොස්වක පොහොය දිනකදි සිදුවූ බවයි බෞද්ධ ඉතිහාසයේ සදහන් වන්නේ. 

ඒ ඇතුළු බක් පුර පසලොස්වක පොහොය දිනයේ වැදගත්කම පිළිබද නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කරුණු දැක්වූවා කරන්දෙණිය, උණගස්වල සිරිනිවේසාරාමාධිපති පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන්.

පුරපසලොස්වක පොහොය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා වැඩසටහන කුලියාපිටිය, ඇඹව ශී‍්‍ර සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අලූයම උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කෙරුණු බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

රටපුරා සෙසු වෙහෙර විහාරස්ථානවලද බක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් අද විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා.