Sunday, April 28, 2024

General line - 0115112241

ලංවිම පෞද්ගලික අංශය සමග ඇති කර ගත් ගිවිසුම් වලින් රටට විශාල පාඩුවක් - වැසි ඇද වැටුනත් විදුලිය පෞද්ගලික අංශයෙන්ම

සමන්ත කුමාර / නිෂාන් ද සිල්වා




පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලය අවාසි සහගත ගිවිසුම්වලට එළඹ ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පැවසුවේ වර්ෂාව ලැබීමෙන් පසු ජල විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට හැකි වුවද, එළඹ ඇති ගිවිසුම අනුව විදුලි මිලදී ගැනීම් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති බවයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට පසුගිය දින කිහිපයේදී වැසි ඇද හැලූන ද මෙතෙක් ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇත්තේ සියයට 31 යි දශම 5ක් දක්වා පමණක් බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. මේ, එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන.

අඛණ්ඩව විදුලිය සැපයීමේ අභියෝගය තවමත් පවතින බවයි විදුලි බල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.