Thursday, May 16, 2024

General line - 0115112241

බෝම්බ ප්‍රහාර ගැන බුද්ධි අංශ කලින්ම අනතුරු අඟවලා




එක්තරා අන්තවාදී සංවිධානයක් විසින් ශ්‍රී ලංකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් සකස් කර බවට අනාවරණය කරමින් රාජ්‍ය බුද්ධි අංශය වගකිවයුතු අංශ වෙත යොමුකළ බවට සදහන් ලිපියක් අද සිදුවූ බෝම්බ ප්‍රහාරයන් ගෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම ලිපියට අනුව එම අන්තවාදී සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සුදානම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය අප්‍රේල් මස 11 වෙනිදායි.

මේ පිලිබදව ඔවුන් විසින් වගකිවයුතු අංශ දැනුවත් කර තිබුනද මේ වන විට වාර්තා වන්නේ ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවූ එම ලිපිය පහතින් දැක්වේ.