Sunday, May 5, 2024

General line - 0115112241

පිපිරීම්වලට අදාළව සැකකරුවන් සහ සැකකාරියන් 24ක් අත්අඩංගුවේ




කොළඹ ඇතුළු ස්ථාන 8 ක ඊයේ (21) සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකපිට පුද්ගලයින් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිපිරීම් සිද්ධිවලට අදාළව වරින් වර අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර සැකකරුවන් සහ සැකකාරියන්ද වනවා. ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සම්පූර්ණ පිරිස 24ක් බවයි වාර්තා වුණේ.

පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

මේ අතර පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 290ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 500ක් පමණ වන බවයි පොලිස් ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.