Sunday, May 5, 2024

General line - 0115112241

අන්තවාදීන් මුහුදෙන් පළායාම වැළැක්වීමට ඉන්දියාවෙන් මෙහෙයුමක්

දිනුක් හේවාවිතාරණ




මෙරට බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබූ ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක සාමාජිකයින් ඉන්දියාවට ඇතුල් වීමට වැළැක්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සිමාවේ සිය නිරීක්ෂණ මෙහෙයුම් වැඩි කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ඕනෑම මොහොතක ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට ගුවන් නිරීක්ෂණ පහසුකම් සැපයීමට සහ අවශ්‍ය යාත්‍රා පහසුකම් සැපයීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සුදානම් බව දැනුම් දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාවද මෙරට මුහුදු සිමාවේ මෙහෙයුම් වැඩි කර තිබෙනවා. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ නාවික හමුදාවේ මුර යාත්‍රා විසින් පැය 24 පුරාම සිය නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් මුහුදේ තිබෙන සැකකටයුතු යාත්‍රා පරික්ෂා කිරීම ආදිය දිගින් දිගටම සිදුකරන බවයි.