රට පුරා ස්ථාන රැසක මේවනවිටත් සෝදිසි කිරීම් සිදුවනවා. පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව මෙම සෝදිසි කිරීම් සිදු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.
පස්වරුවේ වැලිසර නවලෝක ක්‍රීඩාංගනය ආසන්නයේදී කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය ද තාවකාලිකව වසා දමමින් සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කෙරුණා. කෙසේවෙතත් පරික්ෂා කිරීම්වලින් පසු කොළඹ මීගමුව මාර්ගය දැන් නැවත විවෘත කර තිබෙන බවයි එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු තරංග රුක්ෂාන් ජයසේකර පවසන්නේ.
මීගමුව - කටුනායක මාර්ගය තාවකාලිකව වසා දමමින් කඳාන, එඬේරමුල්ල සහ කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකද සැකකටයුතු වාහන අද පරික්ෂා කෙරුණා. එහෙත්, අවදානම් සහිත කිසිවක් එහිදී හමු නොවු බවයි පොලීසිය පවසන්නේ. මේවනවිට මීගමුව - කටුනායක මාර්ගය ද ධාවන කටයුතු සඳහා නැවත විවෘත කර තිබෙනවා.
කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ද අද පස්වරුවේ සෝදිසි කිරීම් සිදුවුණා. එහි සිටි නෙත් නිවුස් වාර්තාකරු කසුන් කැලුම් කුමාර පැවසුවේ සැක සහිත පාර්සල පිළිබඳ ලැබී තිබුණු තොරතුරකට අනුව අදාළ සෝදිසි කිරීම් සිදු කෙරුණු බවයි.