Sunday, May 5, 2024

General line - 0115112241

අත්අඩංගුවට පත් ඊබ්‍රාහිම් හඳුනන හැටි අසාද් සාලි සහ මුජුබර් කියයි

හර්ෂිකා සංජීවනී




දිවයිනේ සිදු වූ පිපිරීම්වලට අදාළව අත්අඩංගුවට ගැණුනු අල්ලාජ් යුසුෆ් මොහොමඞ් ඊබ‍්‍රාහිම් නමැති පුද්ගලයා සමග තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජබර් රහුමාන් පවසනවා.

ඔවුන් දෙදෙනා එම පුද්ගලයා සමග සබඳතා පවත්වා ඇති බව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ පාරලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශයි.

ඊට ප‍්‍රතිචාර දැක්වු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලී කියා සිටියේ තමන් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ නැති බවයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ කළ ප‍්‍රකාශයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් ප‍්‍රතිචාර දැක්වුවා.  ඔහු කියා සිටියේ එම පුද්ගලයා තමන්ට යම් යම් උත්සවවලදී හමු වු බවයි.