Monday, May 6, 2024

General line - 0115112241

පිටුවහල් වූ තවත් එක් අයෙක් ඩුබායි සිට කටුනායකට




මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හීදි සාදයකදී අත්අඩංගුවට ගෙන මෙතෙක් විමර්ශන ක්‍රියාත්මක වී පසුව පිටුවහල් කෙරුණු තවත් එක් සැකකරුවෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් වන අබු බක්කර් මොහොමඩ් නැමැත්තෙක්.

මේ වන විට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කටුනායක ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.