Monday, May 6, 2024

General line - 0115112241

ගුවන් හමුදා බුද්ධි අංශ ඉදිරියේදී එල්ල විය හැකි අවදානමක් ගැන දැනුවත් කරයි

හේමන්ත කහවලගේ




ISIS සංවිධානය විසින් ශී‍්‍ර ලංකාව තුළ ඉදිරියේදී ද ත‍්‍රස්ත ප‍්‍රහාර සිදුකිරීමට ඇති අවදානමක් පිළිබඳ දක්වමින් ගුවන් හමුදා බුද්ධි අංශය ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් වෙත ලිපියක් යවා තිබෙනවා.

ඊයේ (23) දිනැතිව යවා ඇති මෙම ලිපියෙන් මරාගෙන මැරෙන ප‍්‍රහාර, කි‍්‍රස්තියානි සහ කතෝලික පිරිස් ඉලක්ක කරගත් ප‍්‍රහාර සහ විදේශිකයන් ඉලක්ක කර ගත් ප‍්‍රහාර මේ යටතේ සිදුවිය හැකි බවයි ගුවන් හමුදා බුද්ධි අංශය අනතුරු අගවා ඇත්තේ.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලදී ප‍්‍රහාර සිදුවිය හැකි බවද, රජයේ සහ පෞද්ගලික දේපොළවලට හානි කිරීම්ද සිදුවිය හැකි බවද මෙමගින් පෙන්වා දී තිබෙනවා. මීට අදාළව නිසි පියවර ගන්නා ලෙසයි ගුවන් හමුදා බුද්ධි අංශය ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ. ISIS යනු IS සංවිධානයේම එක් අංශයක් වනවා.