Monday, May 6, 2024

General line - 0115112241

බුර්කාව තහනම් කරන්න යෝජනා කළ මන්ත්‍රිට අවවාද කර ඇමතුමක්

හේමන්ත කහවලගේ




බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා.

පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.

එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා. 

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි.