Thursday, May 16, 2024

General line - 0115112241

ගතවූ පැය 24 තුල සැකකරුවන් 10ක් අත්අඩංගුවට




ගත වූ පැය 24 තුළදී ඉකුත්දා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ද තවත් සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනම ආවරණය වන පරිදි තව දුරටත් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. සෑම පළාතක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවා. 

මේ අතර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ අද සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩු 46 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනා. සැකකරු සතුව තිබී  යුද හමුදා නිල ඇදුම් කිහිපයක්ද සොයා ගැණුනා.