Thursday, May 16, 2024

General line - 0115112241

පාසල් හා සරසවි යළි විවෘත කිරීම මැයි 06 දක්වා කල් යයි

දිනුක් හේවාවිතාරණ




වසා දමා තිබෙන පාසල් සහ විශ්ව විද්‍යාල යළි මැයි මස 06 වෙනිදා විවෘත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) රැස්වූ ආරක්ෂක මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.

ජාතික ආරක්ෂාවට තර්ජණයක්ව තිබු බොහෝ පිරිස් සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව මෙහිදී අනාවරණය කර තිබෙනවා. එමෙන්ම ත්‍රස්තවාදය නැවත සංවිධානය විමට කිසිදු ඉඩක්  නොතබා මෙම ත්‍රස්ත ව්‍යාපාරය රටින් මුලිනුපුටා දැම්මට ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව සහ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය ආයතන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් සඳහා මෙන්ම මහජනතාව බහුලව ගැවෙසෙන ස්ථානවලත් පුළුල් ආරක්ෂාවක් සැපයීමේ නව ආරක්ෂාවක් වැඩපිළිවලක් සඳහා ද ජාතික ආරක්ෂක මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා.