Thursday, May 16, 2024

General line - 0115112241

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරය පිළිබඳ තවත් තොරතුරු රැසක් හෙළිවේ

හේමන්ත කහවලගේ




පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු එම හෝටලයේ අංක 426ය දරණ කාමරයේ නතර වී ඇති බවට පොලිස් විමර්ශණ වලදී අනාවරණ වී තිබෙනවා. 

බෝම්බ ප‍්‍රහාරයෙන් පසු සිදුකෙරුණු විමර්ශණ සඳහා බ‍්‍රවුනි නැමැති පොලිස් සුනඛයා යොදවා ඇති අතර එම සුනඛයා විසින් බෝම්බකරු රැදී සිටි කාමරය සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. 

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් එම කාමරය පරීක්ෂා කිරීමේදී ඉදිකටු, නූල් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. සැකකරු විසින් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය සහිත ඇදුම එහිදී සකසා ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.