Thursday, May 16, 2024

General line - 0115112241

පාසල් හා විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම කල් දැමීමට සාකච්ඡා




පසුගියදා එල්ලවූ බෝම්බ ප‍්‍රහාරවලට සම්බන්ධ ත‍්‍රස්ත ව්‍යාපාරය රටින් මුලිනුපුටා දැමීමේ එකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව හා ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. 

ඒ ඊයේ පස්වරුවේ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ අවස්ථාවේදීයි. රාජ්‍ය ආයතන සහ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් මෙන්ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුළුල් ආරක්ෂාවක් සැපයීමේ නව ආරක්ෂක වැඩපිළිවෙලක් සදහාද ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 

දිවයිනේ සියලූම පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06වනදා දක්වා කල් දැමීමටත් විභාග පවත්වන ස්ථාන වලට දැඩි ආරක්ෂාවක් සැපයීමටත් එහිදී සාකච්ජා වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ මැයිිදින සැමරුම් නොපවත්වන ලෙසයි ජාතික ආරක්ෂක කවුන්සිලය සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.