Thursday, December 26, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමති ‘ලංකාව ගැන’ කැනඩාවට ගතු කියයි




උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කරවීම පිළිබඳ සියලු දෙනාම විරෝධය පළ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.

දෙමළ ජාතික සන්ධානය,උතුරු පළාත් සභාව සහ දෙමළ ජනතාව ඊට විරෝධය දක්වන්නේ සිංහල හෝ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් දක්වන වෛරයකින් නොවන බවයි කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා සමග ඊයේ(29) පැවති සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

නව ජනාවාස ඇතිකරමින් අනවශ්‍ය ගැටළු නිර්මාණය කිරීම නිසා මෙම විරෝධය දක්වන බවයි ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ රට දෙකඩ කිරීමට නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බව සී.වී. විග්නේෂ්වරන් මහතා කැනේඩියානු විදේශ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.