Thursday, May 16, 2024

General line - 0115112241

බෝම්බකරුවන් රැඳී සිටි නිවාස 04ක් හඳුනා ගැනේ




රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සමන්තුරේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී හමුවූ පුපුරණ ද්‍රව්‍ය සහ භාණ්ඩ පිළිබඳ සවිස්තර වාර්තාවක් පොලීසිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. බෝම්බකරුවන් මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට පෙර ප්‍රතිඥාවක් ලබා දුන් ස්ථානය ලෙස මෙම නිවස හඳුනාගෙන තිබෙනවා. 

අදාළ වීඩියෝවේ පසුතලයට යොදා ගැනුණු බැනරය සහ බෝම්බකරුවන් හැඳ සිටි ඇඳුම් ද එහිදී සොයා ගැනුණා. එම නිවසේ තිබී බෝම්බ සෑදීමට යොදා ගන්නා අධිබල පුපුරණ ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03ක්ද මෙහිදී සොයා ගෙන තිබෙනවා. 
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මෙම අන්තවාදී කල්ලි සාමාජිකයින් ත්‍රස්ත කටයුතුවලට යොදා ගත් නිවාස 04ක් මේවනවිට හඳුනාගෙන ඇති බවයි.

පාස්කු ඉරිදා එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගතවු පැය 24 තුළදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී විස්තර කෙරුණා.