Sunday, April 28, 2024

General line - 0115112241

මීගමුවේ සිද්ධියෙන් විනාශයට පත් දේපළවලට වන්දි ගෙවීමට උපදෙස්




මීගමුවේ සිදු වූ නොසන්සුන්තාවයේදී හානි වූ පොදු දේපළ සහ පෞද්ගලික දේපළවලට වන්දි ගෙවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (05) රාත්‍රියේ සිදු වූ දේපළ හානි පිළිබඳව අවධානය යොමු කරමින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වන විට එම ප්‍රදේශවල තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.