Sunday, April 28, 2024

General line - 0115112241

මාකඳුරේ මදූෂ්ගෙන් ඉල්ලීමක්

හේමන්ත කහවලගේ




සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් සහ අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලු කරුණු හෙළි කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තමන්ට ජීවිත දානය ලබා දෙන ලෙසයි ඔහු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ. 

මාකඳුරේ මදූෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටම හැඬුම්බරව සිටින බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. යම් බියපත් ස්වරූපයක්ද ඔහු කෙරෙන් නිරීක්ෂණය වන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

ඩුබායිහිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මදූෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන්තොටුපලේදීයි. ඔහුගෙන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරනවා.