Sunday, April 28, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙකුගේ බිරිඳක් ගැන අනාවරණයක්

හේමන්ත කහවලගේ




පාස්කු ඉරිදා ප‍්‍රහාරයන් සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් කෙනෙකු වූ මොහොමඞ් හස්තූන් නැමැත්තාගේ බිරිඳ උපතින් හින්දු භක්තිකයෙකු බව ibctamil ප‍්‍රවෘත්ති සේවය පවසනවා.

සාරා ලෙස හඳුනාගෙන ඇති ඇගේ මුල් නම පුලස්තිනි මහේන්ද්‍රන් හෝ පුලස්තිනි රාජේන්ද්‍රන් බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.

මෙම තැනැත්තිය මඩකළපුව තෙට්ටතිව්හි පහළ මධ්‍යම පාන්තික පවුලක ඉපිද ඇතැයි ද ඇය ඉස්ලාම් දහම වැළඳගෙන ඇත්තේ විවාහයෙන් පසුව බවද පැවසෙනවා. 

පුලස්තිනි මහේන්ද්‍රන්ගේ මව බව සැලකෙන කවීතා මහේන්ද්‍රන් ibctamil ප‍්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ ශිෂ්‍යාවක්ව සිටියදී ඇය පැහැර ගැනීමට ලක්වූ බවයි. මාස කිහිපයකට පසු දුරකථනයෙන් කතාකළ අයෙකු ඇය විවාහ වූ බවත් ඉස්ලාම් දහම වැළඳගත් බවත් දැනුම් දුන්නේ යැයිද කවීතා මහේන්ද්‍රන් පවසා තිබෙනවා.

එතැන් සිට ඇය සමග පැවැති සියලු සම්බන්ධතා අතහැර දැමූ බවයි කවීතා මහේන්ද්‍රන් වැඩිදුරටත් පවසා ඇත්තේ.