Monday, April 29, 2024

General line - 0115112241

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ගැන සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනතාවට දෙයි




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂ පරීක්ෂණ කම්ටුවේ වාර්තාව තවත් සතියකින් ජනතාවට විවෘත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විතව ජනාධිපතිවරයා මෙම කමිටුව පත්කළේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ඉඩ සැලසුණු තත්වයන් සහ වගකීම් පැහැර හැරීම් පිළිබඳ සොයා බැලීමටයි.

එහි පළමු අතුරු වාර්තාව ඉකුත්දා ජනාධිපතිවරයා වෙත ලබාදුන්නා. දෙවන අතුරු වාර්තාවද මේ වනවිටත් ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා. එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීමට අදාළ වාර්තාව අද (08) දිනයේ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි. 

මේ අතර විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඊයේ (07) ප‍්‍රකාශ කළේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශී‍්‍ර ලංකාව මේ වනවිට යථාතත්වයට පත් වෙමින් ඇති බවයි. 

ඉදිරි දින කිහිපය තුළදී ත‍්‍රස්ත අභියෝගය ශී‍්‍ර ලංකාවෙන් තුරන්වනු ඇති බවද ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබෙනවා.