Monday, May 6, 2024

General line - 0115112241

දඹුල්ලෙන් සහ කිලිනොච්චියෙන් හමු වූ ගිනිඅවි සහ ජීව උණ්ඩ ගැන පරීක්‍ෂණ

මාධව කුලසූරිය




දඹුල්ල, උළුකැටවැව ප‍්‍රදේශයේ දඹුළු ඔයේ තිබී ජීව පතරොම් 6 ක් සහ ගුවන් යානා නාශක පතරොම් දෙකක් සොයාගැනීම සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

එහෙත් ඒවා ගෙනවිත් දැමුවේ කවුරුන් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර කිලිනොච්චිය, පුනරීන් ප‍්‍රදේශයේදී විවිධ වර්ගයේ ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මකයි.

නිවසක් තුළ තිබී මෙම ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගත්තේ යුද හමුදාව සහ පොලීසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදීයි.