Monday, May 6, 2024

General line - 0115112241

මාලිගාවත්තේ පල්ලියක ළිඳකින් කඩු කිණිසි ඇතුළු අවි ආයුධ තොගයක් හමුවෙයි (PHOTOS)




මාලිගාවත්ත ප්‍රදේශයෙන් අවි ආයුධ තොගයක් හමුවී තිබෙනවා. 

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳක් තුළ තිබී කඩු 46ක්, පතුරොම් පිරවූ  කුඩා ප්‍රමාණයේ තුවක්කුවක්  ඇතුළු මෙම අවි ආයුධ හමුව ඇති බවයි වාර්තාවන්නේ.

එම අවි ආයුධ පොහොර උරයක බහා ළිඳ තුලට දමා තිබූ අතර, ඒ තුළ තවත් ආයුධ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා සෝදිසි කිරීමක්ද සිදුව තිබෙනවා.