Monday, May 6, 2024

General line - 0115112241

හිජාබය නිසා ගුරුවරියන් දස දෙනෙකුට ස්ථාන මාරු

ඩිල්ෂාන් මඩවල




හිජාබය පැළද පැමිණීම නිසා පාසලට ඇතුළුවීමට අවසර හිමි නොවූ පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියන් 10 දෙනෙකු වෙනත් පාසල් වෙත මාරු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසද් සාලි උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ගුරුවරියන් පාසල වෙත පැමිණි අවස්ථාවේ පාසලේ සංවර්ධන සමිතියේ සාමාජිකයින් ඔවුන්ට අවහිර කර ඇති අතර හිජාබය ඉවත් කර සාරියකින් පමණක් සැරසී පැමිණෙන ලෙසයි ඔවුන්ට දැනුම් දී ඇත්තේ.

සිදු වූ මෙම අවහිරයෙන් පසු නැවත පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේම සේවය කිරීම අගතියට පත් ගුරුවරියන් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුවයි ඔවුන් වෙනත් පාසල් වෙත මාරු කිරීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දී ඇත්තේ.