Monday, May 6, 2024

General line - 0115112241

ආන්දෝලනයට තුඩු දී ඇති මඩකලපුව විශ්ව විද්‍යාලය කරගෙන යෑමට ඉඩදෙන බව ජනපති කියයි




ආන්දෝලනයට ලක්ව තිබෙන මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන තීන්දුව කුමක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද අනාවරණ කළා.

ඒ, කල්මුනේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් සහ මුස්ලිම් තරුණයන් පිරිසක් හමු වූ අවස්ථාවේදීයි. 

එහිදී ඔහු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය හා උසස් අධ්‍යපාන අමාත්‍යංශයේ අදාළ නීති රිති යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස කරගෙන යෑමට මඩකලපුව විශ්ව විද්‍යාලයට ඉඩදෙන බවයි.

 


මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තමන් ආරම්භ කළ මෙහෙයුමද කිසිසේත් නතර නොකරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. 

ජාතික සමගිය හා සංහිදියාව පළුදු වන ආකාරයේ කිසිිදු ක‍්‍රියාකාරකමක නිරත නොවන්නැයි ජනාධිපතිවරයා මෙහිදී නැවත සිහි කැදවීමක් ද කළා.