Thursday, April 18, 2024

General line - 0115112241

බෝම්බ පිපිරු සියොන් දේවස්ථානයට සහ සයින්දමරදු නිවසට ජනපති යයි (PHOTOS)




ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවූ මඩකලපුව සියොන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (08) නිරත වුවා. ජනාධිපතිවරයා සමග එම නිරීක්ෂණ චාරිකාව සදහා අමාත්‍ය දයා ගමගේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම්.හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් එක්ව සිටිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියේ.

ඊට අමතරව ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද මෙහෙයුමක් අතරවාරයේදී අන්තවාදී සංවිධානයකට අයත් සාමාජිකයින් පිරිසක් විසින් බෝම්බ පුපුරුවා ගනිමින් සියදිවි හානිකර ගනු ලැබූ සයින්දමරදු ප්‍රදේශයේ පිහිටි නිවසද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණය ලක්වුවා.