Thursday, May 16, 2024

General line - 0115112241

1990 සුවසැරිය කාර්යක්ෂම කිරීමට අලුත් පියවරයන් දෙකක්

මහේෂ් චතුරංග




1990 සුවසැරිය ගිලන්රථ සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ "මේ එළිදැක්වූයේ හදිසි මේහෙයුම් කළමණාකරන පද්ධතිය සහ 1990 ඇප් එක. පළවෙනි එකෙන් කරන්නේ එදාට වඩා වේගයෙන් ගිලන් රථය පිටත්කර හරින්න හැකියාව ලැබෙනවා. කොහෙද මේ පාර තියෙන්නේ කියන එක අලුතෙන් දාන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ සියලුම දත්ත කෝල් එකත් එක්කම අපිට එනවා. එතකොට ටයිප් කරන්න තියෙන වෙලාව ඒ එක්කම අයින් වෙනවා. ඊට පස්සේ අපිට දාන්න තියෙන්නේ අවශ්‍ය කරන හේතුව පමණයි." යනුවෙනි. 

මෙම නව ජංගම දුරකතන යෙදවුම නිසා 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් ජීවිත බේරා ගැනීමේ හැකියාව සියයට 10කින් පමණ වැඩිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ස්මාර්ට් සහ ඇන්ඩ්‍රොයිඞ් දුරකතනවලින් මෙම ජංගම දුරකතන යෙදවුම භාගත කරගත හැකියි.