Thursday, May 16, 2024

General line - 0115112241

11 වන පැමිණිල්ල අද ඉදිරිපත් කෙරේ

මහේෂ් චතුරංග




වත්මන් ආණ්ඩුවේ තවත් ගණුදෙණුවක් සම්බන්ධයෙන් අද (09) දිනයේ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශෙහාන් සේමසිංහ පැවසුවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කරමින් සිදුකළ හදිසි විදුලි මිළදී ගැනීමකදී සිදුවූ මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි. 

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් දස දෙනෙකුගේ දූෂණ සම්බන්ධයෙන් ටොප් ටෙන් නමින් තමන් ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන්ද මෙතෙක් කි‍්‍රයාමාර්ග ගෙන නොමැති බවයි මන්තී‍්‍රවරයා පැවසුවේ.

කෙසේවෙතත් එහි 11 වන පැමිණිල්ල ලෙස මෙය ඉදිරිපත් කරන බවද ෂෙහාන් සේමසිංහ මන්තී‍්‍රවරයා කියාසිටියා.