Sunday, April 28, 2024

General line - 0115112241

යුද්ධය පැවති කාලයේදීවත් මෙහෙම තහංචි දැම්මෙ නැහැ - සෝදිසි මෙහෙයුම් වාර්තා කිරීමට මාධ්‍යට පැනවූ තහංචියට පාර්ලිමේන්තුවේදී විරෝධය




සෝදිසි මෙහෙයුම් වාර්තා කිරීමට ජනමාධ්‍යන්ට පැනවූ සීමාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විරෝධය පල වුණා. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ සඳහන් කළේ තිස් වසරක යුද්ධයක් පැවති සමයේදීවත් මෙවැනි වාර්ණයක් පැනවූයේ නොමැති බවයි.

රටේ මාධ්‍ය වලට තොරතුරු අණාවරනය කිරීමට තහංචි පැනවූ විට සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරය වන ඕනෑම දෙයක් ජනතාව පිලගන්නා තත්වයට පත්වන බවද මන්ත්‍රීවරයා කියා සිටියා

එමෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ මෙහිදී සඳහන් කළේ ආණ්ඩුවේ මෙම සීමා කිරීම, අත්අඩංගුවට ගන්නා කඩු කිනිසි ගිනි අවි සියල්ල පෙන්වීම වාරණය කොට, ආරක්ෂා තහවුරු බව පවසා දරුවන් පාසල් ගෙන්වා ගැනීමට ආණ්ඩුව ගන්නා උත්සහයක් ලෙස බවය.