Sunday, April 28, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය වල හුවමාරු වන ලිපියක් පිටුපස කාන්තාවක්

තරංග රුක්ෂාන් ජයසේකර/ඩිල්ෂාන මඩවල/මහේෂ් චතුරංග




සිදුවිය හැකි ප‍්‍රහාරයක් පිළිබද දින සහ ස්ථාන සහිතව අනතුරු අගවමින් ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නමින් සමාජ මාධ්‍යන්ගේ හුවමාරු වන ලිපිය පිළිබද පොලීසිය අද කරුණු පැහැදැලි කළා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ මෙම ලිපිය තහවුරු නොකල තොරතුරක් මත පදනම්ව ඇති බවයි. කෙසේ වෙතත් අවශ්‍ය පරිදි ආරක්ෂාව තහවුරු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා පැවසුවා.

අදාල ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරි බව කියන කාන්තාවක් ද මේ වන විට හදුනාගෙන ඇති බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබද ඉදිරි විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. 

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී කොච්චිකඬේ දේවස්ථානයේ පුපුරුවා හැරීම සිදුකරමින් මරාගෙන මැරුණු බෝම්බකරුගේ සහෝදරයෙකු පොලිස් විමර්ශන වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බෝම්බකරු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. 

ති‍්‍රවිධ හමුදාව, පොලීසිය, පොලිස් විශේ්ෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව රටපුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටිනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආරම්භ කෙරුණු මෙම මෙහෙයුම් පිළිබද ආරම්භයේ සිටම සියලූ තොරතුරු වගකීමෙන් යුතුව නිවැරදිව හා ඉක්මනින් වාර්තා කිරීමට නෙත් නිවුස් කටයුතු කළා.

එහෙත් මාධ්‍ය ප‍්‍රධානින් සමග අද පැවැති හමුවකදී රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ මෙම සෝදිසි මෙහෙයුම් වලදී සොයා ගන්නා දෑ පිළිබද ඔවුන් විසින් ලබාදෙන තොරතුරු හැර වෙනත් කිසිදු තොරතුරක් වාර්තා නොකරන ලෙසයි.

ඒ අනුව රටපුරා කෙරෙන මෙහෙයුම් වලදී සොයා ගන්නා දෑ පිළිබද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන තොරතුරු හැර වෙනත් කිසිදු තොරතුරක් වාර්තා කිරීමට නෙත් නිවුස් මින් ඉදිරියට කටයුතු නොකරන බව කරුණාවෙන් සලකන්න.