Monday, May 6, 2024

General line - 0115112241

13 වනාදායින් පසු සරසවි විවෘත කිරීමට උපකුලපතිවරුන්ට බලය පැවරෙයි




ආරක්ෂාව පිළිබද සෑහීමකට පත්වන්නේ නම් ලබන 13 වැනිදායින් පසු ඕනෑම දිනකදී අධ්‍යන කටයුතු නැවත ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන්ට බලය පවරා තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වාගේ නමින් නිකුත් කෙරුණු නිවේදනයක මේ බව සඳහන්. 

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සහ කළමනාකරණ අධ්‍යන හා වාණිජ පීඨය හැර සෙසු පීඨවල අධ්‍යන කටයුතු ලබන 14වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. 

කළමනාකරණ අධ්‍යන හා වාණිජ පීඨයේ අවසන් කිරීමට නොහැකි වු විභාගද එදින පැවැත්වෙන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පැවසුවේ. 
නේවාසිකාගාරවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාර ලබන 13වනදා විවෘත වන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.