Monday, May 6, 2024

General line - 0115112241

ඩී එන් ඒ පරීක්ෂණයකට සහරාන්ගේ දියණියගේ රුධිර සාම්පල ලබා ගැනීමට අධිකරණය අවසර දෙයි

අධිකරණ වාර්තාකරු




ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා සහරාන් හශීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (10) අවසර දුන්නා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඉකුත් 21වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝමබ ප්‍රහාරයක් එල්ල කළ සහරාන් හෂීම්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා එම  ඩී එන් ඒ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අපරාධ ස්ථානයෙන් ලබා ගත් සහරාන් හෂීම්ගේ යැයි සැලකෙන හිසේ කොටස් සමග ඔහුගේ දියණියගේ රුධිර සාම්පල සසදා අධිකරණය වෙත ඩී එන් ඒ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙහිදී නියෝග කළේ.

මේ අතර මරාගෙන මැරෙන බෝම්බකරවන් රැදී සිටි බව කියන කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ 616 කාමරයේ තිබූ ඇදුම් පැළදුම් සහ තවත් භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළා.

මේ අතර කල්මුනේ සයින්දමරදු ප්‍රදේශයේ සිදුවු පිපිරීමේදී තුවාල ලැුබු සහරාන්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා සහ සිව් හැවිරිදි දියණීය වන සහරාන් රුබෙයිගා ප්‍රතිකාර ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුව භාරයට ගෙන තිබෙනවා. ප්‍රශ්ණ කිරීම සඳහා ඔවුන් සිය භාරයට ගත් බවයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව අද අධිකරණයට දැනම් දුන්නේ.