Sunday, May 5, 2024

General line - 0115112241

ත්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලු දෙනා එක්වන්න : ජනපති




ජාතී ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී ත්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා පවසනවා. දේශපාලන වශයෙන් එකිනෙකා විවේචනය කරමින් සහ ජාතිවාදය වපුරමින් බෙදී වෙන්වන විට ශක්තිමත් වන්නේ ත්‍රස්තවාදීන් බව අමතක නොකළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අද (10) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

මධ්‍යම පළාතේ දේශපාලන නායකයන් රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් ඊට එක්ව සිටියා.