Thursday, May 16, 2024

General line - 0115112241

තෙල් මිල වැඩි කිරීමේ රජයේ තීරණයට විපක්ෂයේ විරෝධය

නිශාන් ද සිල්වා/ සමන්ත කුමාර




රට තුළ පවතින තත්වය හමුවේ ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගත් තීරණය කිසිසේත් සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට ජනතාව ආර්ථීක දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බව රජය විසින් පිළිිගෙන තිබියදීත් මෙවැනි තීරණයක් ගැනීම ගැටළු සහගත බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව පෙට‍්‍රල් සහ සුපර් ඩීසල් මිල ඉහල දැමුණේ ඊයේ මධ්‍යම රාතී‍්‍රයේ සිටයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් සහ ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ ගියා. 

එම මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135 ක් දක්වා ඉහළ ගිය අතර ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 164 ක් දක්වා ඉහළ ගියා. සුපර් ඩීසල් ලීටරයක මිල වැඩි කෙරුණේ රුපියල් 2 කින්. ඒ අනුව සුප‍ර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 136 ක්.  කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු කෙරුණේ නැහැ.