Monday, May 6, 2024

General line - 0115112241

බීබීසි ලෝක සේවය ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට එරෙහිව ලන්ඩනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ විරෝධය

හේමන්ත කහවලගේ




අන්තවාදයට හා ත‍්‍රස්තවාදයට එරෙහිව ලන්ඩනයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් සංවිධාන කළ විරෝධතාවක් ඊයේ (11) පස්වරුවේ පැවැත්වුණා. එහිදී පාස්කු ඉරිදා එල්ල වුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය සියලූ දෙනා සිහිපත් කෙරුණු අතර ජාතික ධජ රැගෙන කලූ සහ සුදු ඇඳුමින් සැරසි ලන්ඩනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් මෙම විරෝධතාවට එක්ව සිටියා. 

මෙම විරෝධතාවයේදී බීබීසි ලෝක සේවය ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට එරෙහිව ද ලන්ඩනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් විරෝධය දැක්වීම විශේෂත්වයක්. 

මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හෙළා දකිමින් පැවැත්වෙන තවත් විරෝධතාවක් ප‍්‍රංශයේ පැරිස් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් අද (12) පස්වරුවේ පැවැත්වෙනවා.