අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නීතියෙන් වරදකරුවෙකු වන තුරු ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව අමාත්‍ය පී. හැරිසන් පවසනවා. ඔහු කියා සිටියේ බදියුදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති චෝදනාවලට ඔහු මෙතෙක් වරදකරුවෙකු නොවන බවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රකාශ කළේ රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ආණ්ඩුව විවිධ උපක්‍රම සිදු කරමින් සිටින බවයි.
එහෙත් අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළේ අමාත්‍යවරයාට චෝදනා කරන විපක්ෂය, ආණ්ඩු බලය ලබාගත් දිනක රිෂාඞ් බදියුදීන් එම ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බවට ද පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි.
මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හෙට වනවිට එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.