Wednesday, May 1, 2024

General line - 0115112241

රටේ ආරක්ෂාව ගැන ජනපතිගෙන් සියයට 99ක සහතිකයක්




රටේ ආරක්ෂාව මේවනවිට සියයට 99ක් යහපත් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙත අද (27) සහතිකයක් ලබා දුන්නා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සමග ජනාධිපති නිල නිවසේ පැවැති හමුවකදීයි. ශ්‍රී ලාංකික හමුදාවන් සහ බුද්ධි අංශ සිදුකළ මෙහෙයුම්වලට විදේශීය බුද්ධි අංශවලින් ලැබුණු සහය ද මෙහිදී අගය කෙරුණා.

ජාතික ආරක්ෂාව සඳහා මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ද සියලු රටවලින් තවදුරටත් සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පනවන ලද සංචාරක තහනම් ඉවත් කර ගැනීමට සහය වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා. 

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් මෙම හමුවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.