Wednesday, May 1, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න කාරක සභාව පත්කළේ විශ්වාස භංගය යට ගහන්න නොවෙයි - ඇමති රවී කරුණානායක

සජිත් තිලකරත්න / මහේෂ් චතුරංග




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කෙරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ද දේශපාලන වේදිකාවේ අදත් අදහස් පළ වුණා. අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ විශ්වාසභංග යෝජනා යටගැසීම සඳහා මෙම තේරීම් කාරක සභාව පත් කෙරුණු බවට ඇතැම් අය කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි. 

" මේක මේ විශ්වාසභංග යෝජනාව මුල් කරගෙන ගෙනාපු එකක් නෙමෙයි. අපි සියළු දෙනා එක්ව මේ ගැන හොයා බලමු. 1971 වර්ෂයේදී සිංහල අන්තවාදය ගැන ප්‍රශනයක් ආවා. පස්සේ දෙමල අන්තවාදය ගැන ප්‍රශ්නයක් ආවා.අපි කොහෙන්ද මෙතන ඉතුරු වෙන්න යන්නේ? අපි නිදහස ලබලා දැන් අවුරුදු 71ක් වෙනවා. කාටවත් සුදු හුණු ගාන්න නෙමෙයි, වැරැද්ද කාගේද කියලා නෙමෙයි කොහෙද වැරද්ද උනේ කියලා අපි හොයා බලමු. ඒ සදහා මම හැමෝටම විවෘත ආරාධනාවක් කරනවා" යැයි ඇමතිවරයා කියා සිටියා.
 

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ අදාළ තේරීස් කාරක සභාව ආණ්ඩුව විසින් පිහිටුවා ඇත්තේ අක්‍රමික ආකාරයෙන් බවයි. මේ, එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.