Thursday, May 16, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා පිළ ලෝක කුසලානයේ දෙවන පුහුණුවත් පරදී

කසුන් කැළුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන පුහුණු තරගයද ඊයේ පරාජයට පත් වුණා.

ඒ,  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම හමුවේ කඩුළු 5 කින්. සදම්ප්ටන්හි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 8 ක් දැවී ලකුණු 239 ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 56 ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 43 ක් සහ තිසර පෙරේරා ලකුණු 27 ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 240 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය ජයග‍්‍රහණය වාර්තා කළේ 45 වන පන්දු වාරයේදීයි.

බිද වැටුණු කඩුළු සංඛ්‍යාව 5 ක්. උස්මන් කවාජා ලකුණු 89 ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 36 ක් රැස් කරමින්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම සවිමත් කළා.

පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුළු 2 ක් බිද හෙළු අතර නුවන් ප‍්‍රදීප්, ධනංජය ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශී‍්‍ර ලංකාව සහභාගි වූ පළමු පුහුණු තරගය දකුණු අපි‍්‍රකාව හමුවේ පරාජයට පත් වුණා.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තමන් සහභාගි වූ පුහුණු තරග දෙකම ජය ගැනීමට සමත් වී තිබෙනවා.