Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික විද්‍යාඥයාට ලොව ඉහළම සම්මානයක්




ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය කුමා වික‍්‍රමසිංහට ලොව ප‍්‍රමුඛ පෙළේ විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් බි‍්‍රතාන්‍යයේ රාජකීය සමාජයේ සාමාජිකත්වය ලැබී තිබෙනවා.

මෙහි සාමාජිකත්වය ලැබූ දෙවන ශී‍්‍ර ලාංකිකයා වන්නේද මහාචාර්ය කුමා වික‍්‍රමසිංහයි. මීට පෙර සාස් වෛරසය හදුනාගත් මහාචාර්ය මලික් පීරිස්ට 2006 වසරේදී මෙහි සාමාජිකත්වය හිමිවුණා. 

බි‍්‍රතාන්‍යයේ රාජකීය සමාජය පවසන්නේ භෞතික සහ විදුලි ඉංජිනේරු තාක්‍ෂණය වෙනුවෙන් මහාචාර්ය කුමා වික‍්‍රමසිංහ සිදුකළ සේවය අගයා ඔහු සිය සාමාජිකත්වය පිරි නැමු බවයි. නැනෝ තාක්‍ෂණික විද්‍යාගාරවල දැනට භාවිත කරන අනුක අන්වීක්‍ෂය නිපදවා ඇත්තේ ඔහු විසින් ඉදිරිපත් කෙරුණු පර්යේෂණ නියමයන් මත පදනම්ව බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. 

මහාචාර්ය කුමා වික‍්‍රමසිංහ මේ වනවිට සේවය කරන්නේ අමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේයි. ශී‍්‍ර ලංකාවේ පළමු නැනෝ තාක්‍ෂණික මධ්‍යස්ථානය වන බියගම පිහිටි ශී‍්‍ර ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනය පිහිටුවීමටද ඔහු මුල් වී කටයුතු කළා.