Monday, May 6, 2024

General line - 0115112241

අමාත්‍යංශ ලේකම් පිළිබඳ විමර්ශන සදහා පොලීසිය නීතිපති උපදෙස් පතයි

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




මුදල් අමාත්‍යංශයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ මොහොමඩ් අලි හසන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා නීතිපති උපදෙස් ලබාගන්නා බව පොලීසිය පවසනවා. 

මල්වාන ප‍්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී බෝර 12 වර්ගයේ පතරොම් 93ක් ඊයේ (29) සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා. මෙම පතරොම් හමුවූයේ නිවසේ වහලයේ තිබී බවද එහෙත් ඒ පිළිබද මොහොමඞ් අලි හසන් දැන සිටියේ දැයි සැක පවතින බවද ප‍්‍රකාශ කෙරුණා.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඊයේ රාති‍්‍ර ඔහු මුදා හැරුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර මොහොමඩ් අලි හසන්ගේ පුත‍්‍රයෙකු පැවසුවේ මවගේ පාර්ශවයෙන් තම සීයාට බෝර 12 වර්ගයේ ගිනි අවියක් තිබී ඇති බවයි. ඊට යොදන උණ්ඩ වහලයේ සගවා තිබී ඇතැයිද ඊයේ කෙරුණු සෝදිසියේදී හමුවී ඇත්තේ වසර 35 හෝ 40 ක් පමණ පැරණි එම උණ්ඩ බවද ඔහු පැවසුවා. අදාළ ගිනි අවිය 88 - 89 කලබල පැවති වකවානුවේදී පොලීසියට භාරදී ඇති බවයි මොහොමඩ් අලි හසන්ගේ පුත‍්‍රයා වැඩිදුරටත් කියාසිටියේ.