Monday, May 6, 2024

General line - 0115112241

නිවෙසකට ගිනි තබයි - කිලිනොච්චියේ ගැටුමකින් 9කට තුවාල

මාධව කුලසූරිය




කිලිනොච්චිය සෙල්වනගර් ප‍්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ගැටුම අතරතුර නිවසකට සහ යතුරුපැදියකට ගිිනි තබා තිබෙනවා. තවත් නිවසකට හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. 

කලක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම ඇති වී ඇතැයි සැක කෙරෙනවා. වැඩිදුර විමර්ශන සිදු කරන්නේ කිලිනොච්චිය පොලිසියයි.