Saturday, September 21, 2024

General line - 0115112241

ගල්අගුරු ගණුදෙණුවේ වාර්තාව ලබන සදුදා ඇමති අතට




පසුගියදා කතාබහට ලක් වූ ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පත් කළ ති‍්‍රපුද්ගල කමිටු වාර්තාව ලබන සදුදා තමන් වෙත ලැබෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඉන් අනතුරුව එම වාර්තාව පාර්ලිමේන්තුවට හා මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.