Saturday, May 4, 2024

General line - 0115112241

සැක කටයුතු සිසේරියන් සැත්කම් පිළිබඳ බදුල්ල රෝහලටත් පැමිණිලි

හේමන්ත කහවලගේ/පාලිත ආරියවංශ




සැක කටයුතු සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලටද පැමිණිලි ලැබී තිබෙනවා. පස්සර සහ ඇල්ල ප‍්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලේ් අධ්‍යක්ෂවරයා වෙත එම පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ ඊයේ (31) පස්වරුවේයි. 

හිල්මි සාලි නමැති වෛද්‍යවරයෙකු විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් වලින් පසු තමන්ට දරු උපත් නැති වූ බවටයි එම කාන්තාවන් රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර ඇත්තේ. 

මේ අතර සැක කටයුතු සිසේරියන් සැත්කම් සිදුකළ බවට චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනවා. කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඊට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක්ද ලබාගෙන තිබෙනවා.