Saturday, May 4, 2024

General line - 0115112241

උපවාසයේ නිරත රතන හිමියන් හමුවීමට එස් බී පැමිණේ

කමල් සුරවීර/ දිල්ෂාන් තුෂාර




අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ අසාද් සාලි, එම්. ඒ. එල්. එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය අද දෙවන දිනටත් කි‍්‍රයාත්මක වනවා. 

උන්වහන්සේ ඊයේ පෙරවරුවේ එම උපවාසය ආරම්භ කළේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව ඉදිරිපිටදීයි. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලීසිය යොදවා ඇති අතර මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන් පැමිණ අවස්ථා කිහිපයකදී උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කර තිබෙනවා. 

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමුවීමට පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක ඊයේ රාති‍්‍රයේ උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණියා. 

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා කියාසිිටියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.