Monday, May 6, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිට එරෙහි පැමිණිළි විමර්ශනය කළ කමිටු අතුරු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරියට

තරංග රුක්ෂාන්/හර්ෂිකා සංජීවනී




කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඞ් සාෆිට එරෙහිව එල්ල වී ඇති පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යංශය පත්කළ කමිටුව අතුරු වාර්තාවක් සකස්කර තිබෙනවා. එය අද (03) දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.

අදාළ වාර්තාව පරීක්ෂා කර බලා වෛද්‍ය සාෆිට එරෙහි ඉදිරි විමර්ශන තීරණය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය නෙත් නිවුස් වෙත කියා සිටියා.

අදාළ පරීක්ෂණ කමිටුව සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සිය විරෝධය පළ කළා. ඒ, එම කමිටුවට කුරුණෑගල රෝහලේ කිසිඳු බලධාරියෙකු හෝ පත්කර නොමැති බවට චෝදනා කරමින්. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටියගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ රෝහල් කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙම කමිටුවට, වඩා පිළිගැනීමක් ලැබෙන ලෙස පුළුල් කිරීමකට ලක් කරයි යනුවෙන් බලාපොරොත්තුවන බවද සඳහන් කළා. 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව මේ දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 600 කට අධිකයි. කුරුණෑගල ශික්ෂණ රෝහලට මෙන්ම දඹුල්ල මහ රෝහලට ද මෙලෙස පැමිණිලි ලැබී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.